පාඩම 05- lot size, volume, pips, leverage සහ spread යනු මොනවාද?
අභිමතාර්ථ:
මෙම පාඩම අවසානයේදී ඔබට,
Lot size, volume, pips, leverage සහspread යන වචන වලින් හදුන්වන තත්වයන් පැහැදිලි කල හැකි වෙනවා.
Lot size සහ leverage මත trade එකක් සදහා තම ගිණුමෙන් ආයෝජනය වන මුදල ගණනය කල හැකි වෙනවා.
Forex Market එක කරනවා නම් ඔබ හොදින් දැනගත යුතු තවත් කාරණු කිහිපයක් තිබෙනවා. ඒවා නිසි පරිදි නොදැන FOREX වෙලදාම කරන්න අමාරුයි. ඒම කරුණු තමයි LOT SIZE, PIPS, LEVERAGE සහ SPREAD යනුවෙන් අදහස් කරන්නෙ මොනවාද යන්න තේරුම් ගැනීම.
Lot Size යනු කුමක්ද?
EURUSD යන currency pair එක මොහොතකට ගන්න. දැන් මෙම pair එකට අනූව කෙනෙකුට EUR හෝ එහෙම නැතිනම් USD හෝ මිල දී ගන්න පුළුවන්. ගැටළුවක් එනවා කොපමණ ප්‍රමාණ වලින් ගත යුතුද කියලා. කෙනෙකුට පුළුවන්ද EUR 1 එකක් එහෙම නැත්නම් USD 1කක් මිල දී ගන්න. එහෙම ගන්න බැහැ. කෙනෙකුට ඕනෙ ඕනෙ ප්‍රමාණ වලින් මුදල් ඒකක මිල දී ගන්න බැහැ. ඒකට ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය තමයි මුදල් ඒකක මිල දී ගත යුත්තෙ lots වලින්. මෙම lots වලට අයත් වන මුදල් ඒකක සංඛ්‍යාවක් තිබෙනවා. අවම lot අගය තමයි ඒකක 1000ක් වීම. උපරිම lot අගය තමයි ඒකක 100,000 වීම. මේ lot size දෙකට අතර මැදිව තවත් lot අගයක් තිබෙනවා. ඒ අගය තමයි lot 10000.
එහෙමනම් මොකක්ද දැන් මේකෙ තේරුම කෙනෙක් currencies මිල දී ගන්නවා නම් එක්කො lot 1000 ක් ගන්න ඕනෙ එහෙම නැතිනම් lot 10000 හෝ lot 100,000 ගන්න වෙනවා. දැන් තෙරෙනවානෙ EUR 1 කක් ගන්න බැහැ අඩු ගානෙ EUR 1000 වත් ගන්න වෙනවා. ඒ වගේ තමයි USD 1කක් ගන්න බැහැ. අඩුම ගානෙ USD 1000ක්වත් ගන්න වෙනවා.
දැන් සිතන්නකො EURUSD pair එකේ USD 1000ක් මිල දී ගන්න Sell Order එකක් දමන්න රුපියල් කීයක් යනවාද? 1000 X 151.69 = Rs. 151,690 යනවා. (2016-12-28 දිනට ඩොලරයකට රුපියල් 151.69ක් වෙනවා) බලාගෙන ගියාම FOREX කෙරුවාව ලෙහෙසි නැහැ වගේ නේද? මොකද කුඩාම lot එකෙන් Order එකක් දමන්නත් රුපියල් 151690.00 යනවා. ශ්‍රී ලාංකික අපට මේ මුදල දරන්න පුළුවන් අගයක් නොවෙයි. මෙන්න මෙතනදී ශ්‍රී ලාංකික අපට Leverage යන සංකල්පය වැදගත් වෙනවා.
Leverage යනු කුමක්ද?
Leverage කියන්නෙ එක්තරා ණය අනුපාතිකයක් වෙනවා. මේ ණය අනුපාතිකය ලබා දෙන්නෙ broker විසිනුයි. Broker ආයත leverage ණය අනුපාත කීහිප ආකාරයකින් ලබා දෙනවා. ඒවා 1:100, 1:200, 1:500 සහ සමහර broker ආයතන තිබෙනවා 1:1000 පවා ලබාදෙන. මොකක්ද මේ අනුපාත වල තේරුම. අප මේ පිළිබදව විමසා බලමු.
හොදයි අපි ගමු 1:500 ණය අනුපාතිකය. මෙහි තේරුම තමයි කිසියම් ආයෝජනයකට යන සම්පූර්ණ මුදලෙන් 500 යෙන් පංගුවයි ආයෝජකයාට යොදන්න තිබෙන්නෙ ඉතිරි 499 කොටස broker ණයක් ලෙස ආයොජකයාට ලබා දෙනවා. කලින් මම පැහැදිලි කලා EURUSD pair එකෙන් USD 1000 ක් මිල දී ගන්න රුපියල් 151690.00 ක් යනවා කියලා. එහෙම නම් දැන් 1:500 leverage එක යටතේ USD 1000 ක් ගන්න ආයෝජකයාට වැය වන්නෙ ඉන් 500න් පංගුවක් පමණයි. ඒ කියන්නෙ 151690/500= රුපියල් 303.38 ක් පමණයි(ඩොලර් 2යි). ඉතිරි මුදල වන (151690-303.38) 151386.62 කක මුදල ආයොජකයා වෙනුවෙන් ආයෝජනය කරන්නෙ broker ආයතනයයි. දැන් ඔබට තේරෙනවානෙ leverage එක යටතේ රුපියල් 151690 වූ ආයෝජන මුදල රුපියල් 303.38කට අඩු වෙලා. තවත් විදියකින් පවසනවානම් ඩොලර් 1000 කට තිබූ ආයොජන මුදල ඩොලර් 2කට අඩුවෙලා.
දැන් ඔබට තේරෙන්න අවශ්‍යයි සාමාන්‍ය අයුරින් ගණනය කිරීමක් නොකෙරුවත් ඩොලර් 1000 (1000 lot) ක් ආයෝජනය කරන්න 1:500 leverage එක යටතේ ආයෝජකයාට වැයවෙන්නෙ $2 යි නම් $ 10000 (10000 lot) ආයෝජනය කරන්න ආයෝජකයාට වැය වන්නෙ $20 ක් පමණයි. ඒ වගේම ආයෝජකයාට $ 100000 (100000 lot) ආයෝජනය කරන්න වැය වන්නෙ $200ක් පමණයි කියලා.
මෙහි වැදගත්ම දේ තමයි ආයොජකයා ඩොලර් 2ක් ආයොජනය කලාට ඔහුට ප්‍රතිලාභ විදියට ලැබෙන්නෙ ඩොලර් 1000ක අයොජනයේ ප්‍රතිලාභයයි. Broker සතයක්වත් එයින් ලබා ගන්නෙ නැහැ. ඇත්තටම ශ්‍රී ලාංකික අපට මෙය කොතරම් වැදගත් වෙනවාද. මෙච්චර පහසු කමක් දී තිබියදීත් ඇයි අප ආයෝජනය සදහා බිය වන්නෙ. FOREX පිලිබදව හොදින් ඉගෙන ගෙන පත්තියන් උනාම ලෙහෙසියෙන් FOREX වෙලදාම කරන්න පුළුවන්.
මෙම leverage එක පිළිබදව තවත් වැඩිපුර කරණු මම වෙනම පාඩමකදී පහදලා දෙනවා. මොකද leveage එක සමග අවදානම් කලාපයක් තම FOREX ගිණුම තුල නිර්මාණය වෙනවා. මේ පිළිබදව නිවැරදිව දැණුවත් වූ විට ගිණුම තුල නිර්මාණය විය හැකි අවදානම් කලාපය මග හරවා ගන්න හැකියාව ලැබෙනවා.
PIP එකක් යනු කුමක්ද?
FOREX වෙලදාම online කිරිම පිණිස broker ආයතන program එකක් ලබා දෙනවා. ඒ program එක අපට brokerගේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්. ඒ programs Metatrader 4 හෝ Metatrader 5 කියල හදුන්වනවා. Metatrader 4 වලදී කිසියම් currency pair එකක මූල්‍ය අනුපාතය දශමස්ථාන සතරක් දක්වාත් Metatrader 5 වලදී දශමස්ථාන පහක් දක්වාත් පෙන්නුම් කරනවා. නමුත් Metatrader 5 එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා මම ඒ ගැන කථා කරන්නෙ නැහැ.
ඉතින් pip එකක් කියන්නෙ මොකක්ද කියල දැන් බලමු Metatrader 4 වලදී pip එකක් කියන්නෙ දශමස්ථාන 0.0001 ක වෙනසක් වෙනවා. දැන් සිතන්න EURUSD වල මූල්‍ය අනුපාතය Metatrader 4 වල දී 1.0391 සිට 1.0401 ක් උනා කියලා දැන් එතකොට එතනදී කියනවා pip 10ක වෙනසක් ඇති උනා කියලා. ඒ වගේම සිතන්න EURUSD අනුපාතය 1.0391 සිට 1.0381 උනා කියල එතකොටත් pip වෙනස වෙන්නෙ 10යි.
මූල්‍ය අනුපාත වෙනස් වීමේ දී නිර්මාණය කරගෙන තිබෙන මෙම pip අගයේ වෙනස ඉතාම වැදගත් වෙනවා. මොකද pip අගය මත තමයි ආයෝජනය කරනු ලබන lot size එකට අනූව pip ඒකක 1කට ලැබෙන ප්‍රතිලාභය හෝ පාඩුව තීරණය වන්නනෙ. පහත වගුව දෙස බලන්න.
Lot Size pip ඒකක 1 කට ලැබෙන වටිනාකම $ වලින්
1000 $ 0.1
10000 $ 1.0
100000 $ 10.0
ඒ අනූව EURUSD වල කලින් සදහන් කල මූල්‍ය අනුපාතය 1.0391 සිට 1.0401 දක්වා වෙනස් වූ විට අප දැන් දන්නවා එතන pip 10ක වෙනසක් උනා කියලා. මේ අවස්ථාවේ දී කෙනෙක් ආයජනය කල මුදල lot 1000 ක් නම් ඔහුගේ ප්‍රතිලාභය වනුයේ 10 pips X $0.1 = $1.0 යි. ආයජනය කල මුදල lot 10000 ක් නම් ඔහුගේ ප්‍රතිලාභය වනුයේ 10 pips X $1.0 = $10 යි. ආයජනය කල මුදල lot 100000 ක් නම් ඔහුගේ ප්‍රතිලාභය වනුයේ 10 pips X $10 = $100 යි.
ආයෝජකයෙකු ලෙස ඔබ මෙතනදී වටහා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ප්‍රතිලාභය රදා පවතින කාරණා දෙකක් තිබෙනවා කියලා. එකක් තමයි lot size එක. අනෙක තමයි pips සංඛ්‍යාව. අපගේ FOREX ගිණුමේ මුදල් යහමින් තිබෙනවා නම් ප්‍රතිලාභය සදහා බලපාන lot size එක අවශ්‍ය පරිදි වැඩි කරගෙන ප්‍රතිලාභය වැඩි කරගන්න අපට පුළුවන්. ඒ නිසා ඒ lot size නැමති හැන්ද තිබෙන්නෙ අපගේ අතේමයි. නමුත් අනෙක් කාරණය වන pips සංඛාව තිබෙන්නෙ අපගේ පැත්තෙ නොවෙයි. එය රදා පවතින්නෙ තමා ලබාගෙන තිබෙන දැණුම ආයෝජනය කරල pips කීයක් එකතු කලාද යන කාරනය මතයි.
සාමාන්‍යයෙන් EURUSD currency pair එකේ දෛනික pip වෙනස pips 100 ත් 80 අතර වෙනවා. ඉතින් තමන් දන්න සියළුම ශිල්ප භාවිතා කර කෙනෙකුට පුළුවන් නම් ඉන් pips 25 ක් දවසක් තුල දී උපයා ගන්න. එවන් අයට පුළුවන් 10000 lot size ( එනම් 1:500 leverage යටතේ $20ක්) ආයෝජනය කර දෛනිකව $ 25ක් උපයා ගන්න. ඒ කියන්නෙ රුපියල් වලින් ආසන්න වශයෙන් 3750 ක් වෙනවා.
Volume size එක යනු කුමක්ද?
Volume size එක යනු lot size එකම හදුන්වා දීම සදහා භාවිතා කරන තවත් අංකිත ක්‍රමයක් වෙනවා. Metatrader 4 වල තිබෙන්නෙ lot size එක වෙනුවට Volume size එකයි. පහත වගුවෙන් ඔබට එය වටහා ගත හැකියි.
lot size volume size
1000 = 0.01
10000 = 0.10
100000 = 1.00
lot size එක භාවිතා කරනවාට වඩා volume size එක භාවිතා කරන එක ලේසියි. පහත දැක්වෙන වගුවෙන් volume size, Lot size සහ pip එකක අතර සම්බන්දතාවය ඔබට අවබෝධ කරගත හැකියි.
volume size lot size value per 1 pip
0.01 1000 $ 0.1
0.02 2000 $ 0.2
0.10 10000 $ 1.0
0.15 15000 $ 1.5
0.20 20000 $ 2.0
1.00 100000 $ 10.0
1.01 101000 $ 10.1
1.21 121000 $ 12.1
10.00 1000000 $ 100.0
මෙම වගුවෙන් ඔබ තේරුම් ගන්න බලන්න Metatrader 4 program එකෙන් ඔබ ආයෝජනය කරන මදල් ඒකකයේ volume size එක මත pip 1කට ලැබෙන ලාභය හෝ පාඩුව කොපමනද කියල. මේ අනූව තමන්ගේ ගිණුමේ තිබෙන මුදල් ප්‍රමාණය මත trade එකකට දමන volume size එක තීරණය කල යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් තම ගිණුම තුල අවදානම් කලාපයක් ඇතිවෙන්න පුළුවන්. (මෙම අවධානම් කලාපය පිළිබදව පසු පාඩමකදී මම පැහැදිලි කරනවා.
Spread එක යනු කුමක්ද?
Spread එක කියන්නෙ තමන් කරන ගනුෙදෙනුවක දී broker ලබා ගන්නා කොමිස් මුදලයි. මෙම කොමිස් මුදල තීරණය වන්නෙ කිසියම් currency pair එකක Bid සහ Ask price අතර pip අන්තරයයි.
උදාහරණයක් ලෙස EURUSD pair එක ගනිමු.
Bid price Ask price
EURUSD 1.0470 1.0472
Spread = Ask price – Bid price
= 1.0472 – 1.0470
= 0.0002
ඒ අනූව EURUSD currency pair එකෙහි spread එක pip 2 කක් වෙනවා.
දැන් මෙම spread එක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද? හිතන්න දැන් ඔබ EURUSD currency pair එකෙන් 0.2 ක volume එකෙන් (20000 lots) Buy හෝ Sell order එකක් විවෘත කලා කියල. එතකොට spread එක pip 2කයි. එහෙම නම් 0.2 volume එකට pip 2 කට වෙන් වන මුදුල කොපමනද? $ 4.0 යි පැහැදිලිද. දැන් මොකද වෙන්නෙ ඔබ 0.2 volume වලින් trade එකක් open කල විට ඔබගේ ගිණුමෙන් $ 4.0 ක් කැපෙනවා. මෙම කැපෙන මුදල තමයි broker ගේ කොමිස් මුදල වෙන්නෙ. ඔබ 0.01 volume එකෙන් trade එකක් Open කල විට ඔබගේ ගිණුමෙන් $ 0.2 ක් කැපෙනවා කොමිස් මුදල ලෙස.
සමහර currency pair වල spread එක ලෙස pips 2 කක්, 3 නක්, 6 ක් ආදී ලෙස වෙනස් වෙනවා. මේ නිසා කිසියම් currency pair එකකින් trade එකක් විවෘත කිරීමට ප්‍රථම එම pair එකෙහි Ask සහ Bid prices අතර අන්තරය pips වලින් කොපමණද කියල ගණනය කර ගන්න.
Trade එකක දී කැපෙන මෙම කොමිස් මුදලට අමතරව වෙන කිසිම මුදලක් broker අය කරන්නෙ නැහැ. තමාගේ මුදල් ගිණුමෙන් withdraw කරන විටදී වත් කිසිම මුදලක් අමතරව අය කරන්නෙ නැහැ.
මෙම පාඩමේ දී පැහැදිලි කරන ලද කාරණා නැවත වතාවක් කියවලා තේරුම් ගන්න බලන්න. හොද FOREX ආයෝජකයෙක් වෙන්න මෙම කරුණු ඉතා වැදගත් වෙනවා.
සාරාංශය:
Trade එකක් දැමීම සදහා යොදාගත යුතු සම්මත ඒකක අගයයන් lot size ලෙස හදුන්වනවා. එවැනි සම්මත ඒකක අගයයන් 3 නක් තිබෙනවා. ඒවා අඩු අගයේ සිට වැඩි එක දක්වා පිළිවෙලින් 1000, 10000, සහ 100000 වෙනවා.
Lot size එකම වෙනත් ආකාරයකින් හදුන්වා දෙන තවත් අංකිත ක්‍රමයක් Volume size ලෙස හදුන්වනවා. Volume අගයන් පිළිවෙලින් 0.01, 0.1 සහ 1.0 වෙනවා.
ඕනෑම currency pair එකක මූල්‍ය අනුපාතයේ අගයෙන් 0.0001 වටිනාකමක් pip 1එකක් ලෙස අර්ථ දක්වනවා. ඒ අනූව කිසියම් currency pair එකක අගය 1.2564 සිට 1.2574 දක්වා වෙනස් වූ විට එම currency pair එකෙහෙි වටිනාකම pips 10 කින් වෙනස් වුවා යැයි කියනවා.
අවම lot size එකෙන් trade එකක් open කරන්නත් ඒකක 1000 ක් ගන්න වෙනවා. EURUSD pair එකෙන් EUR හෝ USD මිල දී ගන්න නම් අවම ලෙස EUR 1000 ක් හෝ USD 1000ක් ගන්න වෙනවා. මේ සා විශාල මුදලක් සාමාන්‍ය පුදගලයෙකුට trade එකක් දැමීම සදහා ආයෝජනය කරන්න අපහසුයි. මේ නිසා broker ආයතනය අනුපාතයක් ලෙස ආයොජන මුදලට ණයක් ලබා දෙනවා. මෙවන් අනුපාත 1:100, 1:200, 1:500 හෝ 1:1000 ලෙස ලබා දෙනවා. මෙම අනුපාතය leverage ලෙස හදුන්වනවා.
දමනු ලබන සෑම trade එකකින්ම broker ආයතනය කොමිස් මුදලක් ලබා ගන්නවා. මෙම කොමිස් මුදල Ask සහ Bid prices අතර වෙනසේ pips අගයයි. මෙම pip අගය spread එක ලෙස හදුන්වනවා.
අභ්‍යාස:
1. Lot Size, Volume, pisp, Leverage සහ spread යන්නෙන් අදහස් කරන්නේ මොනවාද?
2. GBPUSD pair එකෙහි Bid price එක 1.2234 යැයි සිතන්න. 1:500 leverage යටතේ Volume 0.01 එකක Buy order trade එකක් දැමීම සදහා ගිණුමෙන් ආයෝජනය වන මුදල කොපමණද?

No comments:
Post a Comment