පාඩම 02- වෙළද පොලක් යනු කුමක්ද?
අභිමතාර්ථ:
මෙම පාඩම අවසානයේදී ඔබට,
-
වෙළදපලක් යනු කුමක්ද යන්න පහදා දීමට හැකිවේ.
-
වෙළදපලක් තුල සාධාරන මිලක් ඇතිවන අයුරු පහදාදීමට හැකිවේ.
-
පරිගණකතුල නිර්මාණය කර ඇති වෙළදපලවල් කීපයක් සදහන් කිරීමට හැකියාවක් ලැබෙනවා.
වෙළදපලක් යනුවෙන් අදහස් කරනුයේ භාන්ඩ හා සේවා අලෙවි කිරීම සදහා විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා හමුවන ස්ථානයයි. මෙවැනි ස්ථානයකදී භාන්ඩයක් හෝ සේවාවක් අලෙවි වනුයේ විකුණුම්කරු සහ ගැණුම්කරු එකගවන මිලකටයි. එකගතාවයක් ඇතිවන්නෙ නැතිනම් ගනුදෙනුවක් සිදු වන්නෙ නැහැ. ඒ නිසා වෙළදපල තත්වයක් කුමණ අයුරින්ද හැසිරෙන්නෙ යන්න සරල ඉගියක් මින් ඔබට ලබා ගත හැකියි.
ඊ ලගට ඉල්ලුම් සැපයුම් න්‍යාය කියල න්‍යායක් වෙලදපලක් තුල ක්‍රියාත්මක වෙනවා. එයින් අදහස් වන්නෙ කිසියම් භාන්ඩයක හෝ සේවාවක ඉල්ලුම වැඩිනම් සහ නිෂ්පාදණය අඩුනම් ඒ භාන්ඩයේ හෝ සේවාවේ මිල ඉහල යනවා. මෙවන් තත්වයකදී විකුණුම්කරුගේ මිලට අවනත වන්නට ගැණුම්කරුට බොහෝ විට සිදුවෙනවා. ඒ වගේම කිසියම් භාන්ඩයක හෝ සේවාවක ඉල්ලුම අඩුනම් සහ නිශ්පාදනය වැඩිනම් ඒ භාන්ඩයේ හෝ සේවාවේ මිල පහල යනවා. මෙවන් තත්වයක් තුලදී ගැණුම්කරුට එකගවන්නට විකුණුම්කරුට සිදුවෙනවා. කිසියම් භාන්ඩයක් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදණයයත් තිබෙනවානම් දෙදෙනාම එකග මිලකට තමයි භාන්ඩය අලෙවි වන්නෙ. මෙවන් තත්වයක් තුලදී තමයි භාන්ඩයකට හෝ සේවාවකට සාධාරන මිලක් ලැබෙන්නෙ.
වර්තමානය වනවිටත් බොහෝ අවස්ථාවල විකුණුම්කරු සහ ගැණුම්කරු භෞතික වශයෙන් වෙළදපලක් තුලදී එකිනෙකා මුනගැසී ගනුදෙනුව කරගැනීමට සිදුවෙනවා. නමුත් දැන් තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණය දියුණුවීමත් සමග විවිධ වෙළදපලවල් පරිගණකය තුල නිර්මාණය වෙනවා. ඒ නිසා කොටස් වෙළදපලවල්, මුල්‍ය වෙළදපලවල්, වාහන වෙළදපලවල් සහ වෙනත් විවිධ වූ වෙළදපලවල් අද පරිගණකයතුල නිර්මාණය කරලා තිබෙනවා. මේ නිසා අද විවිධ ගණුදෙනු කිරීම සදහා විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා මුන ගැසෙන්නෙ පරිගණකයතුල තිබෙන අතුරු මුහුණතක් තුලිනුයි.
තවත් කාරණයක් තිබෙනවා අප දැනගත යුතු ඒක තමයි විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා සෘජුවම හමුවන්නෙ කලාතුරකින්. ඒ වගේම ඒ දෙදෙනා හමු වන්නෙ කිසියම් මිත්‍රත්වයක් යම් අයුරකින් ගොඩ නගාගෙන. නැතිනම් එකිනෙකා කල්තියා දැන හැදිනගෙන. නමුත් බොහෝ විට යම් ගනුදෙණුවක කරන්න අතරමැදියෙක් අවශ්‍ය වෙනවා. මේ අතරමැදියාට කියන්නෙ තැරැව්කාරයා (Broker) කියලයි. දැන් මෙම තැරැව්කාරයා කරන දේ තමයි කෙනෙකුට යමක් විකුණන්න අවශ්‍ය උනාම ඒ සදහා ගැණුම්කරුවන් කිහිප දෙනෙක් සොයා ගෙන එන එක. ඉතින් මේ සේවාවට තැරැව්කාරයා යම් සාධාරන මුදලක් ගනුදෙණුවට සහභාගි වූ දෙපාර්ශවයෙන්ම ලබා ගන්නවා. එයට කොමිස් මුදල (brokerage) කියලයි කියන්නෙ. නමුත් දැන් මේ වගේ ගනුදෙණු සිදු වන්නෙ තැනින් තැන. නිශ්චිත තැනක් නැහැ. බොහෝ විට ගනුදෙණුකරුවන්ට පහසු තැනක් මේ සදහා තෝරා ගන්නවා.
නමුත් දැන් වෙලදපලක් උනාම එතන වෙනසක් තිබෙනවා. එතන තැරැව්කාරයන් කිහිප දෙනෙක් සහ ගනුදෙණුකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්න නිශ්චිත තැනක් වෙනවා. බොහෝ විට තැරැව්කාරයන් වෙළදපල පවත්වාගෙක යන්නෙ ගනුදෙණුකරුවන්ට පහසු ස්ථානයක.
ඉතින් දැන් FOREX වෙළදපලද පවත්වාගෙන යන්නෙ පරිගණක තුල, ජංගම දුරකථන (smart phoneඑකක් විය යුතුයි) තුල, ipad සහ tablet වැනි ඉලෙක්ට්‍රොනික උපාංග තුල නිර්මාණය කර තිබෙන වැඩසටහනක් (program) හරහායි. එතකොට FOREX වෙළදපලේ දී ගණුදෙනු කරුවන් වෙළදපල සමග සම්බන්ද වන්නෙ මෙම වැඩසටහන හරහායි. මෙම වැඩ සටහන තම පරිගණකයට ලබා දෙන්නෙ ඔබ විසින් තෝරා ගන්නා තැරැව්කාර සමාගමයි. මේ නිසා අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ඕනෑම තැනක සිට එම වැඩසටහන හරහා ඔබට FOREX වෙළදපල හෙවත් මූල්‍ය වෙළදපල සමග ගණුදෙනු කිරීමට හැකියාවක් තිබෙනවා.
ඉතින් ඔබත් FOREX හෙවත් මූල්‍ය වෙළදපල සමග ගනුදෙනු කරන්න සිතනවා පහත සදහන් දේවල් ඔබට අවශ්‍ය වෙනවා.
1. පරිගණකයක් හෝ smart ජංගම දුරකථනයක්.
2. අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙනවා.
3. හොද තැරැව්කාර සමාගමක ලියාපදිංචි වෙන්න සිදුවෙනවා.
4. අඩුම ගානෙ ඩොලර් 100 ක මුදලක් අවශ්‍ය වෙනවා.
5. වැදගත්ම දේ තමයි FOREX වෙළදපල පිළිබදව නිසි දැණුම අවශ්‍ය වෙනවා.
6. සැලකිය යුතු කාලයක් මේ සදහා යොදවන්නත් වෙනවා.
7. ඉතා ඉහල ඉවසීමක් සහ බුද්ධියත් අවශ්‍ය වෙනවා.
හොදයි ඊලග පාඩමේදී FOREX වෙළදපල යනු කුමක්ද යන්න තව දුරටත් සොයා බලමු.
අභ්‍යාස :
1. වෙළදපලක් යනු කුමක්ද?
2. කිසියම් භාන්ඩයකට හෝ සේවාවකට සාධාරන මිලක් ලැබෙනුයේ කුමණ තත්වයක් තුලදීද?
3. පරගණකය තුල නිර්මාණය කර ඇති වෙළදපලවල් සදහා උදාහරණ දෙන්න?
No comments:
Post a Comment