පාඩම 01- අවබෝධ කරගත යුතු විප්ලව තුනක්.
අභිමතාර්ථ
-
මෙම පාඩම අවසානයේ ඔබට මෙම ලෝකය තුල ඇතිවූ ප්‍රධාන එමෙන්ම වැදගත් විප්ලව තුනක් පිළිබඳව කරුණු දැක්වීට හැකි වෙනවා.
මනුෂ්‍ය ඉතිහාසය තුල මිනිසාගේ සිතීමේ හැකියාව වැඩි දියුණු වීමත් සමඟ මිනිසා තම ජීවිතය පහසු කර ගැනීම සඳහා යෝධ පිම්මවල් හතරක් මේ වන විට පැනලා තිබෙනවා. ඒ යෝධ පිම්මවල් හතරෙන් තුනක් පිළිබඳව මම ඔබව මෙහිදී දැණුවත් කරනවා. ඉතිරි එක FOREX සඳහා එතරම් වැදගත් නැහැ. නමුත් එය පුද්ගලික මට්ටමින් ඔබගේ ජීවිතය සම්බන්දව FOREX වලට වඩා වැදගත් වෙන්න පුළුවන්. මම කියන්න යන විප්ලව සමස්ථ ලොකයේ සියළුම මිනිසුන්ට බලපානවා. බලපානවා කියල අදහස් කරන්නෙ, ඒ ඒ විප්ලව වලට සියළුම මිනිසුන් ලෙස තම තමන්ම තමාගේ දායකත්වය අනිවාර්යයයෙන්ම දිය යුතු වෙනවා, කියන එකයි. එසේ නොදුනහොත් මනුෂ්‍ය සමාජය තුල තමන් අනිවාර්යයයෙන්ම කොන් වෙනවා. තැනක් නැති වෙනවා. මෙම විප්ලව ජාතියක් පිළිබඳව වත්, රටක් පිළිබඳව වත්, ආගමක් පිළිබඳව වත් හෝ තෝරාගත් විශේෂ මනුෂ්‍ය කන්ඩායමක් පිළිබඳව වත් දේශපාලනය පසුබිම් කරගෙන ඇති උන ඒවා නොවෙයි. අප දන්නවා අපගේ රටේත්, ඒ වගේම විවිධ රටවලත් විවිධ කාල වලදී දේශපාලණය පසුබිම් කරගෙන යම් යම් කන්ඩායම් විප්ලව කරලා තිබෙනවා. නමුත් ඒ විප්ලව සමස්ථ ලෝකයටම බල පාන්නෙ නැහැ. නමුත් මම මේ කියන්න යන විප්ලව තුන සමස්ථ ලෝකයටම බලපාන බවට සඳහනක් තියා ගන්න.
පළමු විප්ලවය :
ආදි වාසි මිනිසා ජීවත් වූයේ ජලාශ සහ වනාන්තරය මුල් කරගෙනයි. ජලාශයෙන් ජලයත් වනාන්තරයෙන් ආහාරත් ලබා ගත්තා. තමාට අවශ්‍ය ආහාර වගා කර ගන්න දැණුමක් ඒ කාලයේ මිනිසාට තිබුනෙ නැහැ. නමුත් ක්‍රම ක්‍රමයෙන් මොළය මෝරත්ම වනාන්තරයෙන් ලබා ගත් විවිධ බීජ වලින් අවශ්‍ය බෝග තමාගේ අසන්නයේම වගා කරගන්න හැකි බවට දැණුමක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි වනාන්තරයේ ජීවත් වූ සතුන් එනම් කුකුළා, එළුවා, බැටඵවා, හරකා, ඌරා වැනි මසට සුදුසු සතුන් තමන් අවට බෝ කරගෙන උන්ව ඇති කරගෙන තම මාංශමය ආහාර අවශ්‍යතාවයත් සපුරා ගත හැකි බවටත් දැණුමක් ගොඩ නගා ගත්තා. මේ තත්වය ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙලා තමනට අවශ්‍ය ශාකමය සහ සත්වමය ආහාර තමාගේ අවටම තමා විසින්ම සකසා ගත්තා. මුලදී ජලාශ ආශ්‍රිත වනාන්තරය ආසන්නයේ වගා කර තම අවශ්‍යතා සපුරා ගත්තත් පසු කාලීනව පොළව හාරා ජලය ලබා ගත හැකි බවට දැණුවත් වූ පසු ක්‍රම ක්‍රමයෙන් ජලාශ සහ වනාන්තර වලින් ඉවත් වී තැනිතලා බිම් වල වගාව ආරම්භ කරන්න පටන් ගත්තා. අවශ්‍ය ජලය වර්ෂාවෙන් සහ ජලාශ වලින් ඇල වේලි සකසා වගා බිමට ලබා ගත්තා. ක්‍රමක්‍රමයෙන් මෙම දැණුම දියුණු වෙලා විශාල විප්ලවයකට මුල පිරුවා. එම විප්ලවය තමයි කෘෂිකාර්මික විප්ලවය. මෙම විප්ලවය තමයි මානව ඉතිහාසයේ පළමුවෙන්ම ඇති වූ විප්ලවය. මෙම විප්ලවය නිසා ඇති වී තිබෙන නව කෘෂිකාර්මික දැණුම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා. වර්තමානයේ ජාන තාක්ෂණය පවා වගා බිමට යොදා ගන්නවා.
දැන් බලන්න ඔබ දැණුවත් ව හෝ නොදැණුවත්ව මෙම විප්ලවය තුලට ඇතුලු වී හමාරයි. මොකද ඔබ තම ආහාර අවශ්‍යතාවය දැන් වනාන්තරයෙන් නොවෙයි ලබා ගන්නෙ. ඔබ වැඩ ඇරිල ගෙදර එනකොට වනාන්තරයට ගිහිල්ලා ඌරෙක් එහෙම දාගෙනද ගෙදර එන්නෙ නැහැනෙ. වෙළඳපලින් අවශ්‍ය කරන ආහාර මිල දී ගෙනයි ගෙදර එන්නෙ. ඉතින් මේක තමයි අද තත්වය. මේ විප්ලවය නිසා මිනිසාගේ කටුක ජීවිතය වඩා යහපත් බවට පත්වෙලා. නමුත් මේ විප්ලවයට තවම හරියාකාරව ඇතුළු නොවුන අය ඉන්නවා. ඒ අයට තමයි වැදි ජනතාව එහෙම නැතිනම් ගෝත්‍රික ජනතාව කියල කියන්නෙ. ඒ අය තාමත් වනාන්තර ආශ්‍රිතවයි ජීවත් වෙන්නෙ. ඉතින් නොදැනගෙන හෝ ඔබ මේ විප්ලවයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා නම් ඔබ ඉන්නෙ ඒ විප්ලය තුලයි එහෙම නොමැති නම් ඔබත් ඒ ගෝත්‍රික ජනයා ගානට වැටෙනවා. ඒ නිසා ඔබට පෙනෙවා මේ විප්ලවයට ඇතුල් වූ අය සහ නොවුන අය අතර ජීවන ක්‍රමයේ (life style එකේ) විශාල වෙනසක් තිබෙනවා.
දෙවන විප්ලවය :
දෙවන විප්ලවය තමයි කාර්මික විප්ලවය. තමාගේ වැඩ පහසු කර ගැනීම සඳහාත් සහ විවිධ වූ අවශ්‍යතා සඳහාත් මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිර ගැනීම තමයි මෙම විප්ලවය බිහිවීමට හේතු වූයේ. ඔබ වූවත් දැණුවත්ව හෝ නොදැණුවත්ව මෙම විප්ලවයේ ප්‍රතිඵල භුක්ති විදිනවා. දැන් බලන්න ඔබගේ නිවසෙ සහ ඔබ ලඟ කොපමණ යන්ත්‍ර සූත්‍ර තිබෙනවාද කියල. හිරමණය, පිහා තල, මහණ මැෂිම, ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, ඝනක යන්ත්‍ර, ඔරලෝසු, ඉස්තිරික්ක, රෙදි සෝදන යන්ත්‍ර, ආදී ලෙස තව කොපමණ යන්ත්‍ර සූත්‍ර නිවසක් සතුව පමණක් තිබෙනවාද? වෛද්‍ය, කෂිකර්ම, නාවුක, ගුවන් සහ යුධමය ක්ෂේත්‍ර තුල කොපමණ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවාද? විවිධ වූ සංවර්ධන කටයුතු වල කොපමණ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවාද? එනිසා මේකී නොකී විවිධ ක්ෂේත්‍ර තුල භාවිතා කරන විවිධ වූ යන්ත්‍ර සූත්‍ර කාර්මික විප්ලවයට පින්සිදු වන්නට ඇති වූ නිර්මාණ වෙනවා.
මෙම කාර්මික විප්ලවයට අවතීර්න නොවුන ජන කන්ඩායම් ලංකාවේ මෙන්ම පිට රටවලත් ජීවත් වෙනවා. ඒ අයට කියන්නෙ අහිගුන්ටිකයින් (Gypsies) කියලයි. දැන් මේ අය අප මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නෙ නැහැ. දැන් මෙතනදීත් ඔබට පෙනෙනවා මෙම විප්ලවයට අවතීර්ණ වූ සහ නොවූ අය අතරත් ජීවන ක්‍රමයේ (Life style) විශාල වෙනසක් තිබෙනවා කියලා.
තුන්වන විප්ලවය :
තුන්වන විප්ලවය තමයි තොරතුරු විප්ලවය කියල කියන්නෙ. වර්ථමානයේ තොරුතුරු වලට තිබෙන්නෙ ඉහල වටිනාකමක්. ඒකට හේතුව තමයි තොරතුරු වලට අද විශාල ඉල්ලුමක් තිබෙනවා. මුල් කාලයේදී යම් දෙයක් සොයාගත් විට ඊට අදාල තොරතුරු නැතිනම් දැණුම ලෝකයේ බෙදා හදා ගත්තා. ඒ නිසා අරක සොයාගත් පියා මේක සොයාගත් පියා කියල පියවරු සහ මවු වරු විශාල සංඛ්‍යාවක් ලෝකය තුල බිහි වූවා. ඒ අය සොයාගත් දෙය ලෝකය පුරා බෙදා හැරියා. ඒ වගේම සෑම රටකම පාසැල් තුල සහ විශ්ව විද්‍යාල තුල ඒ දැණුම උගන්වනු ලබනවා. වර්තමානයේ වූවත් තවම උගන්වනනේ එම දැණුමයි. නමුත් අපි හොදින්ම දන්නවා මීට අවුරුදු 50 කට 60 එහා තිබුනු දැණුමට වඩා විශාල වූ දැණුම් සම්භාරයක් වර්තමාන ලෝකය සතුව තිබෙනවා කියල. නමුත් ඒ නව දැණුම සොයාගත් පියවරු අද කෝ? ඒ නිසා අපි දැණුවත් විය යුතු කාරණය තමයි. ඉස්සර වගේ දැණුම පිනට දහමට දුන්නාට දැන් දැණුම නැත්නම් තොරතුරු පිනට දහමට දෙන්නෙ නැහැ. ඒකට එක හේතුවක් තමයි බොහෝවිට දැන් නව දැණුම සොයා ගන්නෙ කන්ඩායම් වශයෙන් එකතු වෙලා. ඉතින් තොරතුරු නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත ලබා ගන්න විශාල ලෙස කාලය, මුදල් සහ ශ්‍රමය වැය කරනවා. මොකද සමහර තොරතුරු කාලයක් තිස්සෙ එකතු කරන ඒවා වෙන්න පුළුවන්. ඉන්පසු ඒ දත්ත සකස් කරලා තොරතුරු ගන්නත් විශාල වියදමක් දරන්න වෙනවා. මෙන්න මේ නිසා දැන් දැනුම නොමිලෙ දෙන්නෙ නැහැ. දැණුම දෙන්නෙ මුදල් වලටයි.
මේ සඳහා උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ වන විට මිනිසෙකු සතුව තිබෙන ජාන රටාව සිතියම් ගත කරන්න අවශ්‍ය සියළුම දැණුම ඇමරිකාවේ ආයතනයක් සතුව තිබෙනවා. මේ අය මේ දැණුම කිසිම විටක මුදල් වලටවත් දෙන්නෙ නැහැ. නමුත් අධිකරනයට හෝ පොලීසියට හෝ වෛද්‍ය ආයතනයකට කෙනෙකුගේ ජාන සිතියම අවශ්‍ය වුවහොත් මේ අය ඔහුගේ රුධිර සාම්පලයක් රැගෙන ඔහුගේ ජාන සිතියම ලබා දෙනවා. හැබැයි නිකම් නම් නොවෙයි, මුදල් වලටයි. මොකද අද තොරතුරු තිබෙනවා නම් ඒ තොරතුරු වලින් මුදල් උපයන්න පුළුවන්. මේ නිසා රටක් තුල සොයාගන්නා විවිධ තොරතුරු දැන් මුදල් කරගන්නවා.
මෙන්න මේ කාරණය දන්න අය තොරතුරු විප්ලවයතුල ඉන්න අයයි. පළමු විප්ලව දෙකට නොදැණුවත්ව කෙනෙක් අවතීර්ණ වූවත් තොරතුරු විප්ලවය තුලට නම් එන්න වෙන්නෙ දැනගෙනයි. තොරතුරු විප්ලවය තුල ඉන්න කෙනෙක් යමක් කරනවා නම් කරන්නෙ ඊට අදාල නිසි තොරතුරු හොදට අධ්‍යනය කරලයි. ආවාට ගියාට කරන්නෙ නැහැ. සමහර තොරතුරු දැනගන්න ඒ සඳහා අවශ්‍ය මුදල් වූවත් වියදම් කරනවා. වර්තමානයේ ඔබට තරග කරන්න වෙන්නෙ හොදින් තොරතුරු දන්න අය සමඟයි. ඉතින් ඔබ ආවට ගියාට තොරතුරු නොදැනගෙන යමක් කරන්න ගියහොත් තොරතුරු දන්න අය ඉදිරියේ අසාර්ථක වෙනවා. ඉතින් මේ දේ FOREX වලටත් අදාලයි. නිවැරදිව දැණුම නොමැතිව ඔබ FOREX කරන්න ගියහොත් ඔබ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා අර කලින් කී 95% ගොඩට වැටෙනවා. ඒ කියන්නෙ තොරතුරු දන්න අය ඉදිරියේ ඔබට අහිගුන්ටිකයෙක් නැතිනම් වැද්දෙක් ගානට වැටෙනවා. අද වැඩිහිටි පරම්පරාවේ බොහොම දෙනෙක් ඉන්නවා ජංගම දුරකථනයක් නිසි පරිදි භාවිතා කරන්න පවා දැණුම නොමැති. අද FOREX ජංගම දුරකථනයකින් කරන්න පුළුවන් ගානට දැණුම දියුණු වෙලා.
අතීතයේ වත්කම් ප්‍රකාශ කලේ ගේ දොර ඉඩකඩම්, හරක බාන, අලි ඇතුන් සංඛ්‍යාව මතයි. නමුත් මතක තබා ගන්න දැන් වත්කම් ප්‍රකාෂ කරන්නෙ ගිණුමේ තිබෙන මුදල් සංඛ්‍යාව මත පමණයි.
ඔබ දැනගත යුතු දේ තමයි FOREX නොවෙයි මොනවා කරන්න ගියත් තවත් කෙනෙකුට වහල් නොවී වැඩ කරන්න නම් මෙම තොරතුරු මත මදනම් වන යුගයේ අදාල තොරතුරු නැතිනම් අදාල දැණුම නිසි පරිදි ලබා නොගෙන අත ගසන්න යන්න එපා. FOREX මගින් මුදල් උපයන්න අවශ්‍ය නිසි දැණුම මෙම වෙබ් අඩවිය තුලින් ඔබට ලබා ගන්න පුළුවන්.
අභ්‍යාස :
-
ලෝකයේ සියලුම මිනිසුන්ට බලපාන විප්ලව තුනක් නම් කරන්න?
-
ඒ ඒ විප්ලව වල ප්‍රතිඵල ලෙස එලි දැක්වෙන්නේ මොනවාද
සිතා බැලීමට:
-
ඔබගේ ජීවිතයට තොරතුරු විප්ලවයේ ප්‍රතිඵල කොතරම් දුරට යොදාගෙන තිබෙනවාද?
මේ ගැන සිතන්න. අප රටතුල මේ වන විට තොරතුරු විප්ලවය හරහා පහත සඳහන් පහසුකම් භුක්ති විඳින්නට අවස්ථාව සැලසිලා තිබෙනවා.
-
සියළුම බැංකු පරිණකය නැතිනම් ජංගම දුර කථනය හරහා ගනු දෙනු කරන්නත්, ගිණුම් විවෘත කරන්නත් සහ වසා දමන්නත් පහසුකම් සලසලා තිබෙනවා.
-
දුරකථන බිල්, විදුලි බිල් අන්තර්ජාලය හරහා ඔබගේ බැංකු ගිණුමෙන්, VESA හෝ Master Card වලින් ගෙවන්න පහසුකම් අද තිබෙනවා.
-
කොටස් වෙළඳපල සහ මූල්‍ය වෙළඳපල වැනි විශාල වෙළඳපලවල් වල ආයෝජනය අද තමන්ටම තම පරිගණකය තුලින් කරගන්න පුළුවන්.
-
අතරමැදියන් නොමැතිව විවිධ වූ භාන්ඩ හා සේවාවන් ඔබට පරිගණකය හෝ ජංගම දුරකතනය භාවිතා කර ලබා ගන්න පුළුවන්.
-
ඒ වගේම විවිධ වූ චැනලින් සේවාවන් ඔබට ජංගම දුරකථනය හරහා සිදු කරගන්න පුළුවන්.
-
සියළුම පත්තර අන්තර්ඡාලය හරහා බලන්න පුළුවන්.
-
නැදෑ හිත මිතුරන් සමඟ අදහස් හුවමාරුව ඊමේල්, SMS, සහ සමාජ වේබ් අඩවි මගින් කරගන්න පුළුවන්.
සාරාංශය:
ලෝකයේ සියලුම මිනිසුන්ට බලපාන විප්ලව තුනක් සිදු වෙලා තිබෙනවා.ඒවා කෘෂිකාර්මික, කාර්මික සහ තොරතුරු විප්ලව වෙනවා. ඒ වගේම මෙම විප්ලව වල විකාශණය කාලය සමඟ විශාල ලෙස ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙනවා. කිසියම් කෙනෙකු මෙම විප්ලව වලට අවතීර්න නොවුනහොත් ඔහුගේ ජීවන ක්‍රමය ඉහල නංවා ගන්න බැරි වෙනවා.
අභ්‍යාස සඳහා පිළිතුරු:
-
කෘෂිකාර්මික විප්ලවය, කාර්මික විප්ලවය, තොරතුරු විප්ලවය.
-
කෘෂිකාර්මික විප්ලවය තුලින් අහාර පානත්, කාර්මික විප්ලවය තුලින් යන්ත්‍ර සූත්‍රත් සහ තොරතුරු විප්ලවයෙන් තොරතුරුත් නිශ්පාදනය කරනවා.
No comments:
Post a Comment